Showing posts with label දේශපාලන. Show all posts
Showing posts with label දේශපාලන. Show all posts

Sunday, July 8, 2012

මඩ ගැසීම තහනම්



අපේ මාධ්‍ය ඇමතිතුමා පහුගිය දවසක මාධ්‍ය හමුවකදී කියා සිටියේ සියලු මඩ වෙබ් අඩවි තහනම් කරන බවයි.ඒ අනුව පසුගිය සති අන්තයේ වෙබ් අඩවි කාර්යාල දෙකක් වටලා සේවකයන් හා පරිගණක ආදියද අත් අඩංගුවට ගෙන තිබිණි.එලෙස බලපෑම් කල SRI LANKA MIRROR අඩවිය මාද ඉදහිට නරබන වෙබ් අඩවියකි.එය බොහෝවිට ප්‍රධාන ලෙස කාලින පුවත් අඩවියක් වුවත් ගොසිප් නැතුවාම නොවේ.

මා එම අඩවිය නැරබීමට පටන් ගත් ආකාරයේද විශේෂත්වයක් ඇත.ඒ මිට කලින් වෙබ් අඩවි ලියාපදිංචිය පිළිබඳව කතාබහ පැවති දින වල එම පුවත් හරහා ගොස්ය. මා මෙන් තව කි දෙනෙක් මෙවන් සිද්දි නිසා මේ වෙබ් අඩවි කියවන්නට පටන් ගන්නට ඇත්ද. කෙසේ වුවත් මෙවන් සිද්දි වලින් වෙන්නේ මේ වෙබ් අඩවි තව තවත් ජනප්‍රිය වීම පමණකි.මොකද කොච්චර දැගලුවත් මේවා සම්පුර්ණයෙන්ම තහනම් කල නොහැකිය.
කෙසේ වුවත් ගොසිප් ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයකි.බොහෝ විට මෙවන් පුවත් අඩවි වලින් කරන්නේ පොල්  කෙන්දක් තරම් පුවත කන්දක් තරම් විශාල කොට පෙන්වීමය.

නමුත් මෙවන් නීතියක් ක්‍රියාත්මක කරනවානම් සර්ව සාධාරණ විය යුතුය.එනම් ආණ්ඩු විරෝධීන්ට පමණක් නොව ආණ්ඩුවේ බත් බැලයන්ටද  මේ දඬුවම් පැනවිය යුතුය.අනෙක් අතට මෙවන් වෙබ් අඩවි වල පාඨක පිරිස බොහෝ සිමා සහිතය.ඊට වඩා මිනිස්සුන්ට සමීප ගුවන් විදුලිය,රුපවාහිනිය හා පුවත් පතයි.ඒ  නිසා ඇමතිතුමාට  තහනම් කල හැකි වැඩසටහන් කිහිපයක් මටද අත්දැකීමෙන් නිර්දේශ කල හැක.ඒවානම් ඇහින්ද මඩේසුන්දරගේ විමසුම හා හඩ්ඩාගෙ රට(කොහේ තියෙන රටක්ද දැන් නෑ) යන අතයි.කනින් කොනින් ඇසි ඇති ආකාරයට ලේක් හවුසියේ දිනමිනද අසත්‍ය දත්ත ඇසුරින් ජනතාව රවටා ඇත.

මට තේරෙන විදිහටනම් වෙබ් අඩවි වලට වඩා හානියක් මේවා මගින් කල හැක.ඒ නිසා හොඳම දෙය නම් මේවාට එරෙහිවද ක්‍රියාමාර්ග ගැනීමයි.නමුත් එය කවදාකවත් නොවෙන දෙයකි.මොකද ඕව කරන්නට උදවු කරන්නේද දඬුවම් කරන්නේද එකම අය බැවිනි.කෙසේ නමුත් අන්තිමට වන්නේ කාගේ කාගේත් හෙළුව හොඳින් නිරාවරණය වීමයි.

Tuesday, June 19, 2012

අපේ ක්‍රීඩා විකාශනය

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ළඟ එමින් පවතී.ලෝකයේ ක්‍රීඩා ලෝලීන්  බලා සිටින්නේ අවුරුදු හතරකට වරක් එළබෙන මේ මහා ක්‍රීඩා උළෙල නැරබිමටය.එමෙන්ම බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බලා සිටින්නේ ඔලිම්පික් පදක්කමක්  දිනාගැනීමට නොහැකි නම් අවමතරමින් තරගයකට හෝ සහභාගි වීමටය.දැන් වැඩ කටයුතු සිදු වෙන ආකාරයට නම් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් තබා සහභාගිත්වයද එක්තරා අන්දමක සිහිනයක්ම පමණි.ඒ අපේ ක්‍රීඩාවේ දියුණුවන ලක්ෂණය.


මේ දිනවල අපේ රටේ ඔලිම්පික් විකාශන අයිතිය පිළිබඳව නඩුවක් විභාග වේ.පළමුව විකාශනය පිළිබඳව පූර්ව ප්‍රචාරක පට විකාශය කලේ ජාතික රූපවාහිනියයි.නමුත් පසුව mtv ආයතනයද ලන්සු තබා මෙහි විකාශන අයිතිය ලබා ගත්තේය.මෙය ආරංචි වූ වහාම සැළලිහිනියාට චූන් විය.mtv ආයතනයට එරෙහිව නඩු පවරා ඔලිම්පික් විකාශනයට එරෙහිව වාරණ නියෝගයක් ලබාගත්තේය.එය ඔවුන්ගේ පැත්තෙන් සාදාරනය.මොකද එකම දේ දෙගොල්ලොම පෙන්වීමට ගියාම ad අඩුය.එවිට ආදායම අඩුය.


මෑතකදී ඉදිරි වසර 3 සඳහා ක්‍රිකට් තරඟ විකාශනය සඳහා ලන්සුපත් කැදවා තිබිණ.නමුත් ඔලිම්පික් වලට කෙලගන්නා මේ දෙගොල්ලොම මේ අවස්ථාව අමතක වී ඇත.එහෙම නැත්තම් ඒ ගනුදෙනුව වැඩි ලාබ ලැබිය හැකි ගනුදෙනුවක් නිසා විය හැක.(නැත්තම් උපාලි ධර්මදාස මහතා ලඟදි සොයා ගත් ආකාරයට ජනපති පුතාලගේ චැනල් එකත් එක්ක  තරග කල නොහැකි නිසාද දන්නේ නැත.)
 නමුත් එක් වරම නින්දෙන් ඇහැරුණු  mtv ආයතනය දැන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලියුම් ලියමින් දගලන්නට පටන් ගෙන ඇත.සමහරක් විට ඔතන යටි අරමුණක් තිබිය හැක.හැබැයි ඉතින් බෙබිලාට මල පැන්නොත් මහරාජාට බඩුම තමාය.මට නම් ඔය මොකා ඕක පෙන්නුවත් මට පෙනේ නම් කිසිම මෙව්වා එකක් නැත.හැබැයි ඉතින් අර කොල්ලෝ ටික ගිනි අව්වේ කට්ට කකා රටට ගෙනත් දෙන මුදල් වංචාවෙන් සාක්කුවේ දාගන්න එකනම් පට්ට චාටර්ය.ඔව්වාට කවදාක හරි රිටර්න් එක ලැබෙනු ඇත .එදාට ඔය කොයි බේබිටත් ඇපත් නැති  බවනම් තක්කෙටම සුවර්ය.



Pictures from::
http://aluthwadapage.blogspot.com/2012/05/blog-post_5589.html