Friday, January 6, 2023

අපි නොදන්න TAX - 01



2023 වර්ෂය සදහා වූ අයවැය යෝජනා අනුව 2023 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පැවති බදු ක්‍රමය සංශෝදනය කලේය. ඒ අනුව එතෙක් පැවති ඇතැම් බදු ප්‍රතිශත ඉහල ගිය අතර අටෝරාශියක් නව බදු හදුන්වා දෙනු ලැබුවේය. රටක පුරවැසියන් ලෙස අප සැවොම බදු ගෙවිය යුතුය. නිසි කලට නිසි ලෙසට බදු ගෙවන ජනතාවක් සිටීම රජයකට ආභරණයක් වැනිය. එහෙත් නිසි බදු ප්‍රතිපත්තියක් නැති ඔවුන්ගේ වාසියට බල්ලන් සුලුදිය පහකරන්නාක් මෙන් බදු ප්‍රතිපත්ති වෙනස් කරන මෙවන් රටක ඉපදීම අප කරන ලද පූරුවේ කරුමයක් වැනිය.

රටක ප්‍රධාන වශයෙන් අයකරනු ලබන බදු වර්ග නම් දෙකකි.ඒවා නම් සෘජු බදු සහ වක්‍ර බදුය. සෘජු බදු යන්න නිකන් කප්පන් වැනිය. විශේශයෙන්ම ස්තීර ආදායමක් ලබන මාසික වැටුප් හිමියන් වැන්නවුන්ගෙන් වැටුපෙන්ම බද්ද අඩු වී ඉතිරිය ගෙවනු ලබයි. එමෙන්ම දේපල මිලදී ගැනීමකදී වැනි අවස්තාවකදී කෙලින්ම අය කරගනු ලබයි. සෘජු බද්දේ ඇති එකම හොදේ වන්නේ බදු අය කරන ප්‍රතිශත වෙනස් වීමකදී එය කෙලින්ම බදු ගෙවන්නාට බලපෑම පමණි.

අනෙක් බදු වර්ගය නම් වක්‍ර බදුය. අප මිලදී ගන්නා සෑම භාණ්ඩ හා සේවාවකින්ම පාහෙ රජයට බද්දක් අය කරගනී. එය හරියට භාන්ඩ හා සෙවා මිලදීගැනීමේදී අප ගෙවන මුදලෙන් කොටසක් රජය විසින් පිල්ලි ගසා ගැනීමක් වැනිය. බදු වෙනස් වීම භාන්ඩ හා සේවා මිලට කරන බලපෑමද අපේ රටේදී නම් ආතල් ජනකය. බදු වැඩි වීම මිලට අනුලෝමව සමනුපාතික වන අතර බදු අඩු වීම මිලට ප්‍රතිලෝමව සමානුපාතික වේ. එනම් බදු වැඩි වීමකදී මිල කෙලින්ම වැඩි වන් අතර බදු අඩු වීමක්දී මිල බොහෝදුරට වෙනස් නොවීමට හෝ 1/1000කින් වැනි සුලු ගනනකින් අඩු වෙනු ඇත. ඒ මෙහේ හැටිය.

යහපාලන රජය බොහෝ දේ හත්පොලේ ගාගත්තාට 2019 වන විට යම්තාක් දුරට සාර්තක බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කලේය. එහෙත් වැඩ කරන විරුවා පැමින ඒ සැමට සෙමින් ඇරියේය. බොහෝ පුරවැසියන් බදු ගෙවීමට අකමැති නැත. ඔවුනට ඇති එකම් ගැටලුව නම් දහසක් දුක් විදින කුලී කම්කරුවාගෙ සිට කෝටිපති ව්‍යාපාරිකයා දක්වා සෘජුව හා වක්‍රව ගෙවන බදු මුදලින් එක කොට්ඨාසයක් තම වරප්‍රසාද කියමින් සැප ගැනීමයි. එය කෙතරම් සාධාරණද යන්න තම තමාගෙ හර්ද ශාක්ෂියෙන් විමසා බලන්නෙ නම් දැනෙනු ඇත. එකම් අවුල නම් ඒ බොහෝ දෙනෙකුට විමසා බැලීමට තරම් වත් හර්ද ශාක්ෂියක් නොමැති කමයි.

වෙනස් වූ බදු පිලිබද වැඩිදුර තොරතුරු මීලග ලිපියෙන්.