Showing posts with label කාලීන. Show all posts
Showing posts with label කාලීන. Show all posts

Friday, June 8, 2012

බස් වල යන ඈයන්ගේ අවධානය පිණිසයි



පසු ගිය සති අන්ත ජාතික පුවත් පතක අපූරු පොකට් කල්ලියක් පිලිබදව පුවතක් තිබිණි.ඒ පුවත බස් වල එදිනෙදා ගමන් කරන කාගේත් අවධානය යොමු විය යුත්තකි.ඒ පුවතට අනුව කොටුවී තිබුනේ කාන්තා පොකට් කල්ලියකි.ඔවුන් 22 හා 25 වයස් වල පසු වන තරුණියන් දෙදෙනෙක් හා 58 හැවිරිදි කාන්තාවකි.


අත් අඩංගුවට ගත් තරුණියෝ දෙදෙනා මැදිවියේ කාන්තාවගේ ඥාති දියණියන් දෙදෙනෙකි.තිදෙනාම මාතලේ පදිංචි ද්‍රවිඩ ජාතිකයන්ය.මැදිවියේ කාන්තාව මේ ජොබ් එක වසර දහයක සිට කරගෙන යන බවද ඔවුන්ගේ මාසික ආදායම රුපියල් 50000 ක් පමණ බවද හෙළිවී ඇත.


ඔවුන් පොකට් ගසන්නේද අලුත් ක්‍රමයකටය.ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ ආකාරයට ඔවුන් වැඩිපුර තට්ටු කර ඇත්තේ කොල්ලන්ගේ පොකට්ටු වලටය.තරුණියන් දෙදෙනා බසය තුල ගමන් කරන තරුණයන්ගේ ඇඟට තදවී තුරුළු වී යද්දී අනික් අම්මණ්ඩි  තරුණයාගේ පර්ස් එකට ගේම දෙයි.තරුණියගේ ආතල් එකෙන් මනෝ පර ගසාගෙන යන කොල්ලාට වැඩේ මීටර් වන විට සියල්ල සිදුවී හමාරය.කොහොමත්කොල්ලෝ නිකන් දෙන අස්සයන්ගේ දත් ගනින්නේ නැති නිසා ඔය වගේ ආතල් දෙනකොට විරුද්ද වන උන් ඇත්තේම නැති තරම්ය.


පිරිමින්ගේ පමණක් නොව ගෑනුන්ගේ මලුද ඔවුන් සුද්ද කර ඇති බව වාර්තා වේ.ඒ නිසා මේ පුවත ගනු පිරිමි කොයි කාටත් වැදගත් වේ.කොල්ලනි බසයේ යන විට බලෙන් ආතල් දෙන ගෑනුන්ගේ ආතල් ගැනුමට පෙර 
වරුවක් හිතන්න 


මේකත් බලන්න.
මෙන්න තවත් බඩු දෙකක්.