Sunday, July 8, 2012

මඩ ගැසීම තහනම්



අපේ මාධ්‍ය ඇමතිතුමා පහුගිය දවසක මාධ්‍ය හමුවකදී කියා සිටියේ සියලු මඩ වෙබ් අඩවි තහනම් කරන බවයි.ඒ අනුව පසුගිය සති අන්තයේ වෙබ් අඩවි කාර්යාල දෙකක් වටලා සේවකයන් හා පරිගණක ආදියද අත් අඩංගුවට ගෙන තිබිණි.එලෙස බලපෑම් කල SRI LANKA MIRROR අඩවිය මාද ඉදහිට නරබන වෙබ් අඩවියකි.එය බොහෝවිට ප්‍රධාන ලෙස කාලින පුවත් අඩවියක් වුවත් ගොසිප් නැතුවාම නොවේ.

මා එම අඩවිය නැරබීමට පටන් ගත් ආකාරයේද විශේෂත්වයක් ඇත.ඒ මිට කලින් වෙබ් අඩවි ලියාපදිංචිය පිළිබඳව කතාබහ පැවති දින වල එම පුවත් හරහා ගොස්ය. මා මෙන් තව කි දෙනෙක් මෙවන් සිද්දි නිසා මේ වෙබ් අඩවි කියවන්නට පටන් ගන්නට ඇත්ද. කෙසේ වුවත් මෙවන් සිද්දි වලින් වෙන්නේ මේ වෙබ් අඩවි තව තවත් ජනප්‍රිය වීම පමණකි.මොකද කොච්චර දැගලුවත් මේවා සම්පුර්ණයෙන්ම තහනම් කල නොහැකිය.
කෙසේ වුවත් ගොසිප් ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයකි.බොහෝ විට මෙවන් පුවත් අඩවි වලින් කරන්නේ පොල්  කෙන්දක් තරම් පුවත කන්දක් තරම් විශාල කොට පෙන්වීමය.

නමුත් මෙවන් නීතියක් ක්‍රියාත්මක කරනවානම් සර්ව සාධාරණ විය යුතුය.එනම් ආණ්ඩු විරෝධීන්ට පමණක් නොව ආණ්ඩුවේ බත් බැලයන්ටද  මේ දඬුවම් පැනවිය යුතුය.අනෙක් අතට මෙවන් වෙබ් අඩවි වල පාඨක පිරිස බොහෝ සිමා සහිතය.ඊට වඩා මිනිස්සුන්ට සමීප ගුවන් විදුලිය,රුපවාහිනිය හා පුවත් පතයි.ඒ  නිසා ඇමතිතුමාට  තහනම් කල හැකි වැඩසටහන් කිහිපයක් මටද අත්දැකීමෙන් නිර්දේශ කල හැක.ඒවානම් ඇහින්ද මඩේසුන්දරගේ විමසුම හා හඩ්ඩාගෙ රට(කොහේ තියෙන රටක්ද දැන් නෑ) යන අතයි.කනින් කොනින් ඇසි ඇති ආකාරයට ලේක් හවුසියේ දිනමිනද අසත්‍ය දත්ත ඇසුරින් ජනතාව රවටා ඇත.

මට තේරෙන විදිහටනම් වෙබ් අඩවි වලට වඩා හානියක් මේවා මගින් කල හැක.ඒ නිසා හොඳම දෙය නම් මේවාට එරෙහිවද ක්‍රියාමාර්ග ගැනීමයි.නමුත් එය කවදාකවත් නොවෙන දෙයකි.මොකද ඕව කරන්නට උදවු කරන්නේද දඬුවම් කරන්නේද එකම අය බැවිනි.කෙසේ නමුත් අන්තිමට වන්නේ කාගේ කාගේත් හෙළුව හොඳින් නිරාවරණය වීමයි.