Tuesday, June 19, 2012

අපේ ක්‍රීඩා විකාශනය

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ළඟ එමින් පවතී.ලෝකයේ ක්‍රීඩා ලෝලීන්  බලා සිටින්නේ අවුරුදු හතරකට වරක් එළබෙන මේ මහා ක්‍රීඩා උළෙල නැරබිමටය.එමෙන්ම බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බලා සිටින්නේ ඔලිම්පික් පදක්කමක්  දිනාගැනීමට නොහැකි නම් අවමතරමින් තරගයකට හෝ සහභාගි වීමටය.දැන් වැඩ කටයුතු සිදු වෙන ආකාරයට නම් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් තබා සහභාගිත්වයද එක්තරා අන්දමක සිහිනයක්ම පමණි.ඒ අපේ ක්‍රීඩාවේ දියුණුවන ලක්ෂණය.


මේ දිනවල අපේ රටේ ඔලිම්පික් විකාශන අයිතිය පිළිබඳව නඩුවක් විභාග වේ.පළමුව විකාශනය පිළිබඳව පූර්ව ප්‍රචාරක පට විකාශය කලේ ජාතික රූපවාහිනියයි.නමුත් පසුව mtv ආයතනයද ලන්සු තබා මෙහි විකාශන අයිතිය ලබා ගත්තේය.මෙය ආරංචි වූ වහාම සැළලිහිනියාට චූන් විය.mtv ආයතනයට එරෙහිව නඩු පවරා ඔලිම්පික් විකාශනයට එරෙහිව වාරණ නියෝගයක් ලබාගත්තේය.එය ඔවුන්ගේ පැත්තෙන් සාදාරනය.මොකද එකම දේ දෙගොල්ලොම පෙන්වීමට ගියාම ad අඩුය.එවිට ආදායම අඩුය.


මෑතකදී ඉදිරි වසර 3 සඳහා ක්‍රිකට් තරඟ විකාශනය සඳහා ලන්සුපත් කැදවා තිබිණ.නමුත් ඔලිම්පික් වලට කෙලගන්නා මේ දෙගොල්ලොම මේ අවස්ථාව අමතක වී ඇත.එහෙම නැත්තම් ඒ ගනුදෙනුව වැඩි ලාබ ලැබිය හැකි ගනුදෙනුවක් නිසා විය හැක.(නැත්තම් උපාලි ධර්මදාස මහතා ලඟදි සොයා ගත් ආකාරයට ජනපති පුතාලගේ චැනල් එකත් එක්ක  තරග කල නොහැකි නිසාද දන්නේ නැත.)
 නමුත් එක් වරම නින්දෙන් ඇහැරුණු  mtv ආයතනය දැන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලියුම් ලියමින් දගලන්නට පටන් ගෙන ඇත.සමහරක් විට ඔතන යටි අරමුණක් තිබිය හැක.හැබැයි ඉතින් බෙබිලාට මල පැන්නොත් මහරාජාට බඩුම තමාය.මට නම් ඔය මොකා ඕක පෙන්නුවත් මට පෙනේ නම් කිසිම මෙව්වා එකක් නැත.හැබැයි ඉතින් අර කොල්ලෝ ටික ගිනි අව්වේ කට්ට කකා රටට ගෙනත් දෙන මුදල් වංචාවෙන් සාක්කුවේ දාගන්න එකනම් පට්ට චාටර්ය.ඔව්වාට කවදාක හරි රිටර්න් එක ලැබෙනු ඇත .එදාට ඔය කොයි බේබිටත් ඇපත් නැති  බවනම් තක්කෙටම සුවර්ය.



Pictures from::
http://aluthwadapage.blogspot.com/2012/05/blog-post_5589.html

Friday, June 8, 2012

බස් වල යන ඈයන්ගේ අවධානය පිණිසයි



පසු ගිය සති අන්ත ජාතික පුවත් පතක අපූරු පොකට් කල්ලියක් පිලිබදව පුවතක් තිබිණි.ඒ පුවත බස් වල එදිනෙදා ගමන් කරන කාගේත් අවධානය යොමු විය යුත්තකි.ඒ පුවතට අනුව කොටුවී තිබුනේ කාන්තා පොකට් කල්ලියකි.ඔවුන් 22 හා 25 වයස් වල පසු වන තරුණියන් දෙදෙනෙක් හා 58 හැවිරිදි කාන්තාවකි.


අත් අඩංගුවට ගත් තරුණියෝ දෙදෙනා මැදිවියේ කාන්තාවගේ ඥාති දියණියන් දෙදෙනෙකි.තිදෙනාම මාතලේ පදිංචි ද්‍රවිඩ ජාතිකයන්ය.මැදිවියේ කාන්තාව මේ ජොබ් එක වසර දහයක සිට කරගෙන යන බවද ඔවුන්ගේ මාසික ආදායම රුපියල් 50000 ක් පමණ බවද හෙළිවී ඇත.


ඔවුන් පොකට් ගසන්නේද අලුත් ක්‍රමයකටය.ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ ආකාරයට ඔවුන් වැඩිපුර තට්ටු කර ඇත්තේ කොල්ලන්ගේ පොකට්ටු වලටය.තරුණියන් දෙදෙනා බසය තුල ගමන් කරන තරුණයන්ගේ ඇඟට තදවී තුරුළු වී යද්දී අනික් අම්මණ්ඩි  තරුණයාගේ පර්ස් එකට ගේම දෙයි.තරුණියගේ ආතල් එකෙන් මනෝ පර ගසාගෙන යන කොල්ලාට වැඩේ මීටර් වන විට සියල්ල සිදුවී හමාරය.කොහොමත්කොල්ලෝ නිකන් දෙන අස්සයන්ගේ දත් ගනින්නේ නැති නිසා ඔය වගේ ආතල් දෙනකොට විරුද්ද වන උන් ඇත්තේම නැති තරම්ය.


පිරිමින්ගේ පමණක් නොව ගෑනුන්ගේ මලුද ඔවුන් සුද්ද කර ඇති බව වාර්තා වේ.ඒ නිසා මේ පුවත ගනු පිරිමි කොයි කාටත් වැදගත් වේ.කොල්ලනි බසයේ යන විට බලෙන් ආතල් දෙන ගෑනුන්ගේ ආතල් ගැනුමට පෙර 
වරුවක් හිතන්න 


මේකත් බලන්න.
මෙන්න තවත් බඩු දෙකක්.

Saturday, June 2, 2012

මොකක්ද මේ මෙව්වා එක.

                    මාස අටක විතර ඉදල බ්ලොග් කියවන මමත් මගේම කියල බ්ලොගක් පටන් ගත්තා.ඒක ඉතින් ලංකාවේ එවුන්ගේ හැටිමනේ.කවුරුහරි මොනවා හරි කරනවා දැක්කොත් පුලුවන්ද බැරිද නොබලා ඒකම කරන්ඩ යනවා.උදාහරණයක් කිව්වොත් Chinese කඩේක වැඩකරන කොල්ලෙක් කොහොම හරි සල්ලි ටිකක් එකතු කරගෙන බලන්නේ උගේම කියල Chinese එකක් දාගන්න. බස් එකක වැඩ කරන එකත් කාලයක් වැඩකරනකොට බලන්නේ උගෙම කියල පරණ හරි බස් එකක් අරන් පාරට දාන්න.හරි බොරුද?මමත් මේ try කරන්නේ ඒ වගේ වැඩකටම තමයි.හැබැයි පොඩි(කිව්වට ලොකු)අවුලකට තියෙන්නේ මම කවදාවත් හොඳ රචකයෙක් නොවෙන එක තමයි ඉතින්.
                     ඉතින් එහෙනම් ඉස්සරහට අපි බලමු සුන්දර,අසුන්දර මතක හා මත.හැබැයි තවත්  අවුලක් තියෙනවා.ඒක තමයි අර නිකන් starter එක බුරුල් වෙච්ච බට light එකක් වගේ මට ඔව්ව මතක් වෙන්නේ එක එක වෙලාවකට.ඒ හින්ද මේකේ පිළිවෙල ගැන මුලින්ම පටන් ගන්නකොටම සමාව භජනය කරනව.එහෙනම් අලුත්ම මොකක් හරි මෙව්වා එකක් එක්ක ලගදීම හමුවෙමු.එතකන්
                                           ජය වේවා.
(ජය වේවා කිව්වම ඔතන කිසිම්ම දේශපාලන මෙව්වා එකක් නැති බව කරුණාවෙන් සලකන්න.)
   ‍‌‌‌‌‌‌