Monday, July 2, 2012

කවුද යකෝ පැන්නේ?

මේක මගේ අතීත කතාවක්.මම එකේ ඉඳල පහට යනකම් ඉස්කෝලේ ගියේ ප්‍රාථමික පාසලකට.ඒක මිශ්‍ර පාසලක්‌.ඒකේ එක ශ්‍රේණියකට පන්ති තුනයි තිබුනේ.ළමයි හිටියෙත් 500 කට අඩු ගණනක්.අපි පහ වසරට යනකොටත් අකුරු බැරි ළමයි පහක් විතර අපේ පන්තිවල හිටියා.හැබැයි ඉතින් හැම අවුරුද්දෙම ශිෂ්‍යත්වෙන් හොඳම ප්‍රතිපල ගත්ත කොට්ටාශයේ පාසල් දෙක තුන අතර අපේ පාසලත් තිබුනා.දැනටත් එහෙමම තමයි.දැන් පඳුර වටේ තැලුව ඇති වගේනේ.


මේක උනේ මම තුන වසරේ ඉදිද්දී.හරියටම කියනවනම් 1998.ඒ දවස් වල අපේ පන්ති භාර ගුරුතුමියට බබා හම්බ වෙන්ට හිටිය නිසා නිවාඩු ගිහින් හිටියේ.ඒ නිසා අපේ පන්තිය දෙකට බෙදල අනිත් පන්ති දෙකට එකතු කරලා තිබුනේ.අපි හිටිය A පන්තියෙන් භාගයක් B පන්තියටත් අනිත් භාගේ C පන්තියටත් බෙදල තිබුනේ.මාව වැටුනේ C පන්තියට.පන්ති වල හිටියේ 30 ක් 35 ක් විතර හින්ද ඒක එච්චර ගැටළුවක් උනෙත් නෑ.


අපේ මුළු ශ්‍රේණියටම ඉංග්‍රීසි කලේ එක මැඩම් කෙනෙක්.සුපුරුදු විදිහට මැඩම් එදත් අපිට පාඩම උගන්නවා.ඔය අතරේ පන්තියේ කොල්ලෙක් (අපි ලේසියට සුගත් කියමු) පස්සහ ඉඳං මොකක් හරි කුප්ප වැඩක් කරලා.සුගත් ගෙ වෙලාවට  මැඩමුත් ඒක දැකල.මෑන්ස් මට පස්සහින් හිටිය නිසා මම ඌ කරපු වැඩේ නම් දැක්කේ නෑ. මැඩම් පස්සේ සුගතව බයිට් එකට ගත්ත. 


දැන්  අපි ඔක්කොම හැරිලා සිද්දිය බලාගෙන ඉන්නේ.කොහොමටවත් සිංහලත් බැරි සුගත්ට ඉංග්‍රීසි දිරවන්නේ නැති ඒක අරුම පුදුම දෙයක් නෙමෙයිනේ.මැඩම් දැන් සුගත්ට බැනගෙන බැනගෙන යනවා.සුගතත් මහ පොළොවත් එක්ක ගේමට වගේ බිම බලන් ඔරවන් ඉන්නවා.


දැන් ඔහොම විනාඩියක් දෙකක් සිද්දිය යනකොට එහා පන්තියේ ඔක්කොමත් මේ දිහා බලන් ඉන්නේ.(ඒ කාලේ පන්ති කාමර වෙන් කරලා නෙමෙයිනේ තිබ්බේ.)ඒක පාරම සුගත් ගත්ත බෑග් එක අතට පැන්න එලියට.ආයේ ඉතින් හුරේ රන.මැඩම්ටත් නිකන් එක පාරට ජින්ගල් වගේ.දැන් සහෝදර සහෝදරියනි මේ වීර කොල්ලන්ට බලන් ඉන්ට පුලුවන්ද?හරි මන් අහන්නේ පුලුවන්ද?ආයේ කතාවක් දෙකකක් නෑ මැඩම් මොනවා හරි කියන්ට හිතන්ටත් කලින් කොල්ලෝ ටික පැන්න එලියට සුගත පස්සේ එලවන්ට.

දැන්  නිකන් හරියට අර හොරා පස්සේ එලවන පොලිසිය වගේ අපි ටික සුගත් පස්සේ එලවනවා.අපේ පන්තිය තිබුනේ වැට අයිනේ නිසා ඌ තාර පාර  දිගේ ගෙවල් පැත්තට දිව්වේ.අපිටත් ඉතින් වගේ වගක් නැතුව පන්නවා.කොහොම හරි ටවුමට ආවට පස්සේ කට්ටියටම ඇති කියල හිතුන නිසා ආපහු එන්ට ආව.කඩේකින් ටොපිත් ඇරගෙන කට්ටියම කකා ආතල් එකේ දැන් එනවා.දැන් තමා හොඳම හරිය.


කට්ටියම ගේට් එකෙන් ඇතුලට එනකොට ප්රින්සිපල් මැඩම් තව ගුරුවරු දෙතුන් දෙනෙක්  එක්ක එතන.කට්ටියම නිකන් වීරයෝ ටික වගේ ඇතුලට ආව."ආ කට්ටිය ආවද.ඔහොන්ම එමුකො පිට්ටනියට."ලොකු මැඩමුත්  එහෙම කියාගෙන ඔපිසියට ගියා.අපිටත් ඔකේ බරක් පතලක් තෙරුන් නැති නිසා අපිත් පිට්ටනියට ගියා.

දැන් තමා කට්ටියට වැඩේ මීටර් උනේ.මෙන්න ලොකු මැඩම් එනවා කෝටුවත් අරන්. දැන් මැඩම් බැනගෙන බැනගෙන යනවා.අපි ඉතින් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ බිම බලාන ඉන්නවා.වටේට බලන් ඉන්න උන් හිනා වෙනකොට නිකන් උන්  මරන්  කන්න හිත.කොහොමින් කොහොමින් හරි අන්තිමට අපි හත් දෙනෙකුට කෝටු පාරවල් තුන ගානෙත් ගේට්ටුව ගාවට විතරක් ගිය එකෙකුට එක කෝටු පාරකුත් වැදුන.මගේ වෙලාව කොච්චර හොඳද කියනවනම් අපේ අම්ම ගුරුවරියක් උන නිසාත් ලොකු මැඩම් හොඳට අඳුනපු නිසාත් මට පාරවල් හතරක්ම ලැබුනා.අම්මා සනීපේ.හොඳම වැඩේ කියන්නේ ඒක නෙමෙයි.සුගත පස්සේ පන්නපු අපි ඔක්කොම එක ගුටියක්‌ හරි කෑවා. හැබැයි සුගත්ගේ ගෙදරින් ගෙන්වල ඌට අවවාද කරලා අත්හැරිය.
ඕකට තමයි කියන්නේ අතේ සල්ලි දීල පු* ටින් කිරි ගා ගන්නවා කියල.!!!!!